ජනපතිට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්

ජනපති අනුරට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක්

by Staff writer 28-09-2024 | 1:55 PM

COLOMBO ( News1st ) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතා අද පෙරවරුවේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අද පැමිණියේ ය.

එහිදී ජනාධිපතිවරයාට ජනතාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ජනතාව අතර සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා පොත් ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කුටි කිහිපකට ද ගමන් කළේය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ (27) ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 06වැනිදා දක්වා පැවැත්වේ.

ඒ, කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදීය.