අගමැති හරිනි මහනුවරට..

අගමැති හරිනි අමරසූරිය ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගනී..

by Staff writer 28-09-2024 | 9:49 PM

COLOMBO (News1st) - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, අද(28) මහනුවරට ගොස් ශ්‍රී දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තාය.

අප වාර්තාකරු සදහන් කළේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අග්‍රාමාත්‍යවරිය පිළිගත් බවයි.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.