ලෙබනනයේ බේරූට් අගනුවරට ගුවන් ප්‍රහාර මාලාවක්

ලෙබනනයේ බේරූට් අගනුවර හිස්බුල්ලා මූලස්ථානයට ගුවන් ප්‍රහාර

by Staff writer 27-09-2024 | 10:37 PM

COLOMBO (News 1st) - ලෙබනනයේ බේරූට් අගනුවර හිස්බුල්ලා සටන්කාමීන්ගේ මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඒ, හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී පැය කිහිපයකට පසුවයි.

හිස්බුල්ලා මූලස්ථානයට ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව, ලෙබනනයේ බේරූට් අගනුවරට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවල දැක්වෙන්නේ, පිපිරීම් හඬ සමග දුමාරය පිටවෙමින් ඇති බවයි.

කෙසේ වෙතත් ඉන් සිදු වූ ජීවිත හානි මෙතෙක් වාර්තා වී නැත.

පසුගිය සඳුදා සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 800කට අධිකයි.