අමෙරිකාවෙන් බරපතළ චෝදනාවක්..

අමෙරිකාවෙන් බරපතළ චෝදනාවක්..

by Staff writer 24-09-2024 | 9:33 PM

අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධ සාවද්‍ය තොරතුරු අන්තර්ජාලයට මුදා හැරෙමින් පවතින බවට අමෙරිකාවෙන් බරපතළ චෝදනාවක් එල්ල වේ.

අමෙරිකාව චෝදනා කරන්නේ රුසියාව සහ ඉරානය ඇතුළු විදේශීය කණ්ඩායම් කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරණයට 
බලපෑම් කරන බවයි.

අදාළ පිරිස්  අන්තර්ජාලය ඔස්සේ සාවද්‍ය තොරතුරු පතුරුවා හරින බව අමෙරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංක්‍රමණ වැනි බෙදුම්වාදී ගැටළු අවධාරණය කිරීමට උත්සාහ ගැනෙන බව ද අදාළ වාර්තාවේ දැක්වෙන බව සඳහන් වේ.

මේ වසරේ නොවැම්බර් 5 වැනිදා අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි.