9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක්

9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක්.. - මැතිවරණ කොමිසම දැනුම් දෙයි

by Staff writer 23-09-2024 | 2:40 PM

COLOMBO (News 1st) - 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයකට පුරප්පාඩුවක් පවතින බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තුව පවසයි.

ඒ, කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීම හේතුවෙනි.

ඒ අනුව, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් ජාතික මැතිවරණ කොමිසමට 
එම දැනුම් දීම කර තිබේ.