ලෙබනනයේ සිවිල් වැසියන්ට ඊශ්‍රායලයෙන් දැනුම්දීමක්..

හිස්බුල්ලා ඉලක්කවලින් ඉවත් වන්න - ලෙබනනයේ සිවිල් වැසියන්ට ඊශ්‍රායලය දැනුම් දෙයි

by Hashini De Mel 23-09-2024 | 7:25 PM

COLOMBO (News1st) - හිස්බුල්ලා ඉලක්කවලින් ඉවත්වන ලෙස ලෙබනනයේ සිවිල් වැසියන්ට ඊශ්‍රායලය දැනුම් දෙන්නේය.

විදෙස් මාධ්‍ය වාර්තා කඝේ, ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවා තිබේ.

අද(23) උදෑසන එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ පුද්ගලයෙකෙු ජිවිතක්ෂයට පත්විය.

පසුගියදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයින් ඉලක්ක කරගනිමින්, ඊශ්‍රායලය සංවිධානාත්මක ප්‍රහාරයක් දියත් කළේය.

ඉන් මියගිය හිස්බුල්ලා සාමාජිකයින් සංඛ්‍යාව 39 කි.