ශිෂ්‍යත්ව අවුල: සැකකරු රිමාන්ඩ්..

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්..

by Staff writer 23-09-2024 | 10:40 PM

COLOMBO (News1st) - 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලබන (07) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු ප්‍රශ්න පත්‍ර සාදන කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත.