පොදු සන්ධානයක් හදන්න එජාපයෙන් සැලසුම්..

පොදු සන්ධානයක් හදන්න එජාපයෙන් සැලසුම්..

by Staff writer 23-09-2024 | 10:47 PM

COLOMBO (News1st) - ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ අද(23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදීයි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගය පක්ෂය ඇතුළු සියලු පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපතිවරයා මෙහිදි උපදෙස් දී ඇත.