ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඉල්ලා අස්වෙයි...

ලක්ෂ්මන් යාපා අබේවර්ධන දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි...

by Staff writer 22-09-2024 | 7:05 PM

COLOMBO (News 1st) - ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

එහි දැක්වෙන්නේ, පසුගිය වසරේ මැයි මාසයේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ තමන්, මේ වසරේ මැයි මාසයේ සිට දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරමින් තැබූ විශ්වාසය පිළිබඳව ජනාධිපතිවරයාට කෘතඥතාව පළ කරන බවයි.