2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ...

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ...

by Staff writer 21-09-2024 | 7:31 AM

COLOMBO ( News1st ) - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ විය.

ඡන්ද විමසීම පස්වරු 4ට අවසාන වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් තරග වදින ජනාධිපතිවරණය මෙවර ජනාධිපතිවරණය යි.

එම සංඛ්‍යාව 38කි.