මෙවර මැතිවරණයට ජාත්‍යන්තර නිරීක්ෂකයින් 116ක්

දෙස් - විදෙස් නිරීක්ෂකයින් 8000 කට ආසන්න පිරිසක් මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ...

by Staff writer 21-09-2024 | 7:59 AM

COLOMBO ( News 1st ) - දෙස් - විදෙස් නිරීක්ෂකයින් 8000 කට ආසන්න පිරිසක්, ජනාධිපතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් 116 දෙනෙකු , ඒ අතරට ඇතුළත් ය.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් 78 දෙනෙකු  සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ඒ අතර වේ.

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයෙන් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 9 කි.

දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණ ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.

ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද, විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් නිරීක්ෂකයින් 4000 කට අධික සංඛ්‍යාවක්, ඒ සඳහා යොදවා තිබේ.

කැෆේ සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 1750 කි.

ජංගම නිරීක්ෂණ රථ 120 ක්, ඒ සඳහා යොදවා ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ ය.