නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්..

නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්..

by Staff writer 20-09-2024 | 9:43 AM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(20) තුන්වැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගයෙ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 305කි.

දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 255කි.

ටොම් ලේතම් ලකුණු 70ක් රැස් කළ අතර කේන් වීලියම්සන් ලකුණු 55යි.

ඩැරිල් මිචෙල් නොදැවී ලකුණු 41ක් රැස් කරගෙන සිටී.