දෙහිවල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

දෙහිවල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

by Staff writer 20-09-2024 | 1:50 PM

COLOMBO (News1st) - දෙහිවල, නැදිමාල ක්‍රීඩාංගණය ආසන්නයේදී වෙඩි තැබීමකින්  පුද්ගලයෙකු මිය ගියේය.

පොලීසිය සඳහන් කළේ, අද පෙරවරු 8.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයෙක්.

ඔහු දෙහිවල ගුණාලංකාර මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

අදාල පුද්ගලයා කළුබෝවිල සිට දෙහිවල දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබිම සිදුව තිබේ.

වෙඩි තැබිමෙන් තුවාල ලැබු පුද්ගලයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගිය බව පොලිසිය සදහන් කළේය.