ජනපතිවරණය නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින් 116 ක්..

ජනපතිවරණය නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින් 116 ක්..

by Staff writer 20-09-2024 | 7:31 AM

COLOMBO (News 1st) -ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 116 දෙනෙකු ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 78 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ද මේ වන විට දිවයිනට පැමිණ සිටී.

ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින්  පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 9 කි.

මේ අතර, මැතිවරණ කොමිසමේ ආරාධනය මත දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා
පැමිණි බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය..

කොමිසම පැවසුවේ, ඔවුන්  මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා දිස්ත්‍රික්ක 25 සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

එම නිලධාරින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.