නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අවසන්..

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට 21 වැනි දා තෙක් තැපැල් කාර්යාලයෙන් පත්‍රිකා ලබා ගැනීමට අවස්ථාව

by Staff writer 19-09-2024 | 6:17 AM

COLOMBO (News 1st) - 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම මේ වනවිට සියල්ල අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින් සිටී නම් අද (19) සිට 21 වැනි දා තමන්ට අයත් තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගන්නා ලෙසයි.

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගත හැකිය.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.