ශ්‍රී ලංකාවට නවසීන්තයෙන් ප්‍රභල අභියෝගයක්

දෙවැනි දිනය අවසන්, ශ්‍රී ලංකාවට නවසීන්තයෙන් ප්‍රභල අභියෝගයක්

by Staff writer 19-09-2024 | 8:36 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය, අද (19) දෙවැනි දිනටත් ගාල්ලේදී පැවැත් විය.

තරගය අද දිනට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය, කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 255 ක්.

ටොම් ලෙතම් ලකුණු 70 යි.

කේන් විලියම්සන් ලකුණු 55 ක් රැස් කිරීමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 305 ක්.