සමාජ මාධ්‍යයෙන් සෙල්ලම් දැම්මොත් වැඩ වරදී..

ඡන්ද ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු සමාජ මාධ්‍යයෙන් සෙල්ලම් දැම්මොත් වැඩ වරදී..

by Staff writer 18-09-2024 | 10:23 PM

COLOMBO (News 1st) - මැතිවරණ දින සහ මැතිවරණයෙන් පසු ප්‍රචාර කටයුතු අවසන් වුවත්, සමාජ මාධ්‍ය හරහා සිදු කරනා ප්‍රචාරණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයක් ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  නියෝජ්‍ය පොලිස්පති  නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සමාජ මාධ්‍ය හරහා මැතිවරණය හා  සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ආකාරයෙන් ක්‍රියා  කළහොත් ඒ්  සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.

ඒ් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා වෙනම සේවයක් රඳවා තිබේ.

මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් බුද්ධි අංශ මගින් අවශ්‍ය සම්පූර්ණ පරීක්ෂා කිරීම් සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් සමාජ ජාලා හරහා යොමු කළහොත් ඒ් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා  ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

රටේ සාමයට බාධාවන ආකාරයේ මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂයෙන් අවධානයෙන් පසුවන බවත් , එලෙස කටයුතු කරන සමාජ මාධ්‍ය හිමිකරුවන් සම්බන්ධයෙන් සෙවීමට සමාජ මාධ්‍ය ආයතනවල සහාය ලබා ගන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය යන ආයතන එක්ව කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.