ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් ඉවත් කෙරේ..

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් ඉවත් කෙරේ..

by Staff writer 17-09-2024 | 10:12 PM

colombo ( News 1st ) - 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ, පාලක පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, පළමු ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය වෙත මුදා හැරී බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවයි.