නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් හා මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

by Staff writer 17-09-2024 | 6:24 AM

COLOMBO (News 1st) - මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (17) සාකච්ඡාවක් පැවැත්වේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම ඇතුළු විදේශීය නිරීක්ෂණ කාණ්ඩායම් එම සාකච්ඡාවට සහභාගි වන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අසියානු රටවල නිරීක්ෂණ කණ්ඩායම් හෙට (18) දිවයිනට පැමිණීමට නියමිතයි.

කණ්ඩායම් 10ක් මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ වෛරී ප්‍රකාශ සහ අපේක්ෂකයින්ගේ චරිතයට අපහාස වන ප්‍රකාශ සහ දර්ශන අන්තර්ජලය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් ඇතැයි මැතිවරණ නීරික්ෂණ සංවිධාන පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ඉල්ලා සිටින්නේ, එවැනි ක්‍රියාවලින් වැළකි සිටින ලෙසයි.