ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලීසියෙන් 63,000ක්

ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක්

by Staff writer 17-09-2024 | 6:10 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බවයි.

මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

පොලීසියේ සහයට සිවිල් ආරක්ෂක භටයින් 10,000ක් යෙදවීමට නියමිතයි.

ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනියුක්ත කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල කිසියම් පුද්ගලයෙකු කලහකාරිව කටයුතු කළ හොත් උපරිම බලය යෙදවීමට පොලීසියට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.