21 වැනි දා ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන්න

ලබන 21 වැනි දා ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන්න - අමෙරිකාව සිය පුරවැසියන්ට දැනුම් දෙයි

by Staff writer 16-09-2024 | 6:17 AM

COLOMBO (News 1st) - ලබන 21 වැනි දා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්නැයි අමෙරිකාව, සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට උපදෙස් දෙන්නේ, ජනාධිපතිවරණ කාලසීමාවේ ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසයි.

පළාත් පාලන ආයතන මගින් නිකුත් කරන උපදෙස් පිළිබඳ විමසිලිමත් වන්නැයි ද එහි සඳහන් විය.

මාධ්‍ය වාර්තා පිළිබඳ යාවත්කාලීන වෙමින් එම දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි අමෙරිකාව, සිය පුරවැසියන්ට දැනුම් දෙයි.