රාගමදී දුම්රියක් පීලි පනී

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පනී...

by Staff writer 16-09-2024 | 2:22 PM

COLOMBO ( News 1st ) - රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමෙන් දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යල දුම්රියක් අද (16) උදෑසන එලෙස පීලිපැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු අද පස්වරුව වන විට අවසන් කරන බවය.