ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

by Staff writer 16-09-2024 | 2:29 PM

COLOMBO  ( News 1st) - නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ.

16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ප්‍රභාත් ජයසූරිය වැනි ප්‍රවීණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ය.

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලිය තරග දෙකකින් සමන්විත වේ.

තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගාවලිය සැප්තැම්බර් 18වැනිදා ආරම්භ වීමට නියමිතයි.