දෙහිවල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට..

දෙහිවල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට..

by Staff writer 16-09-2024 | 6:28 AM

COLOMBO (News 1st) - දෙහිවල, බඩෝවිට වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයා මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (15) රාත්‍රී 8.30ට පමණ සිදු වූ එම වෙඩි තැබීමෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර තිබුණි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.