ශිෂ්‍යත්ව විභාගය අද....

ශිෂ්‍යත්ව විභාගය අද....

by Staff writer 15-09-2024 | 8:42 AM

COLOMBO (News 1st) - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අද (15) පැවැත් වේ.

ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849 සූදානම් කර ඇත.

මෙවර විභාගයට පෙනී සිටින සිසුන් සංඛ්‍යාව, තුන් ලක්ෂ විසි තුන්දහස් අටසිය හැත්තෑ නවයක්.

පෙරවරු 9. 30 ට විභාගය ආරම්භ වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා  සිසුන්ට දැනුම් දෙන්නේ කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයට බාධා වන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීමෙන් වළකින්නැයි විභාග දෙපාර්තමේන්තුව, ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට දැනුම්  දීමක් කර තිබේ.

ඒ අනුව විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත නොකළ යුතුයි.

ආපදාවක් හේතුවෙන් යම් සිසුවෙකුට විභාගයට පෙනී සිටීමට බාධා මතුව ඇත්නම්, 117 යන දුරකතන අංකයට ඒ පිළිබඳ දැනුම් දෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කළේ ය.