නයිජීරියාවේ පාරුවක් පෙරළීමෙන් පුද්ගලයින් 64ක් මරුට

නයිජීරියාවේ පාරුවක් පෙරළීමෙන් පුද්ගලයින් 64ක් මරුට

by Staff writer 15-09-2024 | 10:17 AM

COLOMBO (News 1st) - වයඹදිග නයිජීරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ ගංගාවක පාරුවක් පෙරලීමෙන් පුද්ගලයින් 64 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගොවීන් 70 දෙනෙකු රැගත් පාරුවක් එලෙස පෙරලී ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු දිවි බේරාගෙන ඇත.

ගොවීන් 900 කට වැඩි පිරිසක් දෛනිකව තම ගොවිබිම් වෙත ප්‍රවේශ වීම සඳහා මෙම ගඟ තරණය කරන බව ද සඳහන්.