ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් ගැන දැනුම්දීමක්..

ජාත්‍යන්තර මැතිවරණ සංවිධානවලට අයත් නියෝජිතයින් 71ක් මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල..

by Staff writer 15-09-2024 | 9:46 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් 71 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 43 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින් 22 දෙනෙකු ද මේ වන විට දිවයිනට පැමිණ සිටී.

ඇන්ෆ්‍රෙල් සංවිධානයෙන් පැමිණ ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 6 ක්.

ඊට අමතරව යුරෝපා සංගම් නිරීක්ෂකයින් 34 දෙනෙකු සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ 3 දෙනෙකු ඉදිරියේදී දිවයිනට පැමිණීමට නියමිතයි.

අසල්වැසි රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා එක් ඇත.

දිවයිනට පැමිණ සිටින නිරීක්ෂණ කණ්ඩායම්, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම නියෝජනය වන පරිදි පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි, ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.