ශිෂ්‍යත්වය ගැන කොමිසමෙන් දැනුම් දීමක්...

ශිෂ්‍යත්වයට බාධාවන ඡන්ද ප්‍රචාරණ කරන්න එපා! - මැතිවරණ කොමිසම

by Staff writer 14-09-2024 | 9:38 PM

COLOMBO ( News 1st ) - හෙට පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට බාධාවන ආකාරයේ කිසිඳු ප්‍රචාරක කටයුත්තක නිරතවීමෙන් වළකින්නැයි, මැතිවරණ කොමිසම දැනුම් දෙනු ලැබේ.

ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් දැනුවත් කර ඇති බව එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ ය.

විභාග කාලසීමාවේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව කිසිදු ආකාරයකින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් වළකින්නැයි , මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සහ ආධාරකරුවන්ට දැනුම් දෙන්නේය.

මේ අතර, හෙට පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනපුරා මධ්‍යස්ථාන 2,849කදී විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ය.

ඊට පෙනි සිටින සිසුන් සංඛ්‍යාව තුන් ලක්ෂ විසිතුන් දහස් 879 කි.

පෙරවරු 9.30 විභාගය ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.

කල් වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට සිසුන් වාර්තා කල යුතු බව විභාග කොමසාරිස්වරයා පැවසුවේ ය.