දහම් පාසල් ගුරුවරුන්ට 7,500ක දීමනාවක්

දහම් පාසල් ගුරුවරුන්ට රු.7500ක වාර්ෂික දීමනාවකට කැබිනට් අනුමැතිය..

by Staff writer 14-09-2024 | 9:53 PM

COLOMBO ( News 1st ) - දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 7500ක වාර්ෂික දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාවක් ද ඊට ඇතුළත් ය.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම දීමනාව ලබන වසරේ සිට ලබා දීමට නියමිත ය.

බෞද්ධ , හින්දු , ඉස්ලාම් , ක්‍රිස්තියානි හා කතෝලික දහම් පාසල්වල සේවය කරන ගුරුවරුන්ට මෙම දීමනාව හිමිවනු ඇත.

මීට පෙර එම ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්න ද මේ වනවිට එය ක්‍රියාත්මක වන්නේ නැත.