මීළඟ IMF සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව..

මීළඟ IMF සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව..

by Staff writer 12-09-2024 | 10:10 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ, අද (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.