ද. අප්‍රිකා A කණ්ඩායම පැරදූ ලංකාවට කඩුලු 6ක ජයක්

දකුණු අප්‍රිකා A කණ්ඩායම පැරදූ ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්..

by Staff writer 12-09-2024 | 9:35 AM

COLOMBO (News 1st) - සත්කාරක දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති පළමු සිව්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 6කින් ජය ගෙන තිබේ.

මෙම තරගය දකුණු අප්‍රිකාවේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 372කි.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 323ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස දකුණු අප්‍රිකා ඒ කණ්ඩායමට දෙවැනි ඉනිමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 124ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉසිත විජේසුන්දර ලකුණු 34ට කඩුලු 7යි.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 174කි.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක පසිඳු සූරියබණ්ඩාර ලකුණු 22කි.

පළමු ඉනිමේ ශතකයක් රැස් කළ ඕෂධ ප්‍රනාන්දු දෙවැනි ඉනිමේදී  ලකුණු 80ක් රැස් කළේ ය.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 23ක් ලබා සිට ඇත.

පන්දුවාර 43යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගය ජය ගත්තේ ය.