තැපැල් ඡන්ද විමසීම අවසන්..

තැපැල් ඡන්ද විමසීම අවසන්..

by Staff writer 12-09-2024 | 8:00 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අදින් අවසන් විය.

පසුගිය 4, 5 සහ 6 යන දිනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්විය.

එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින්ට, ඊයේ (11) සහ අද (12) අමතර අවස්ථාවක් දී තිබුණි.

ජනාධිපතිවරණයේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා 694,000 කට අධික තොගයක් මේ වනවිට ලැබී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඉන් 95% ක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත යොමු කර ඇතැයි තැපැල්පති පී.සත්කුමාර මහතා සඳහන් කළේය.

තැපැල් ඡන්දයට මෙවර සුදුසුකම් ලැබූ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව, 736,589 කි.