ජ'පුර සරසවිය වැසෙයි..

ජ'පුර සරසවිය වැසෙයි..

by Staff writer 12-09-2024 | 7:52 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

ඒ, ඊයේ (11) රාත්‍රියේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනි.

අද (12) පස්වරු 6 වන විට විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්ව යන ලෙස එහි උප කුලපති මහාචාර්ය පත්මලාල් එම්. මානගේ මහතා සිසුන්ට දැනුම් දී තිබේ.

නේවාසිකාගාරවල සිටින සිසුන් ද, පස්වරු 6.00 වනවිට ඉවත් විය යුතු බවට, දැනුම් දී තිබේ.

අදාළ නීතිය කඩ කරමින් විශ්වවිද්‍යාල භූමිය තුළ රැඳී සිටින සිසුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, උප කුලපතිවරයා ප්‍රකාශ කළේ ය.