සටන් විරාමයකට සුදානම් - හමාස් සංවිධානය

කොන්දේසිවලින් තොරව සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් - හමාස් සංවිධානය

by Staff writer 12-09-2024 | 10:07 PM

COLOMBO (News 1st) - නව කොන්දේසිවලින් තොරව සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, කිසිදු පාර්ශ්වයකින් නව කොන්දේසි නොමැතිව අමෙරිකාව පෙර ඉදිරිපත් කළ යෝජනා මත පදනම්ව ඊශ්‍රායලය සමඟ හදිසි සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

ඉදිරි දින කිහිපය තුළ වඩාත් සවිස්තරාත්මක සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කරන බව ගාසා තීරයේ ප්‍රධාන අමෙරිකානු සාකච්ඡාකරු වන සී.අයි.ඒ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් ප්‍රකාශ කර ඇත.

මාස 11ක් පුරා පැවති  යුද්ධය නිමා කිරීමට ගිවිසුමකට එළැඹීමට මෙතෙක් පැවති සියළු සාකච්ඡා අසාර්ථක විය.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පලස්තීනුවන් 41,084ක් මියගොස් තවත් 95,029ක් තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.