ඇල්පිටිය ප්‍රා. සභා ඡන්දය ඔක්තෝබර් 26

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වැනිදා..

by Staff writer 12-09-2024 | 8:02 PM

COLOMBO ( News 1st ) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වෙන බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම, අද (12) මධ්‍යහන 12 න් අවසන් විය.

ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂ 8කින් සහ ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා ඉදිරිපත් කර තිබුණේ ය.

ඉන්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සහ එක් ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී තිබේ.