අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

by Staff writer 12-09-2024 | 2:18 PM

COLOMBO (NEWS 1ST) - අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් එලෙස වැසි ඇති වන බවයි.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති වනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු වලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.