ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියෙදි ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනක්

by Staff writer 11-09-2024 | 10:57 PM

COLOMBO (News1st)-දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ  සවිඳු අවිශ්ක මීටර 800 පිරිමි  ඉසව්වේ රන් පදක්කම දින ගැනීමට සමත් විය.

ඒ  මිනිත්තුවයි තත්පර 49යි දශම 8යි 3ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්

එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් සත්කාරක ඉන්දියාවට හිමි විය.

මිනිත්තු 2යි තත්පර 10යි දශම 1යි 7ක් දක්ෂතාවක් දැක්වූ  තරුෂි අභිෂේකා මීටර 800 කාන්තා  ඉසව්වේ රන් පදක්කම හිමි කරගැනීමට සමත් වූවාය.

ලෝකඩ පදක්කම සංසලා හිමාෂිනීට හිමි විය.

තත්පර 10යි දශම 4යි 1ක ක දක්ෂතාවක් දැක්වූ මෙරෝන් විජේසිංහ මීටර 100  ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට සමත්විය.

රිදී පදක්කම තත්පර 10යි දශම 4යි 9ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාවේ දිනෙත් වීරරත්නට හිමි විය.

ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම  හිමි වූයේ ශනෙලා විජේතුංගයි.

මෙහිදී උස පැනීමේ කාන්තා ඉසව්වෙන් කෂ්මි තිමේෂා හා නෙත්‍රා සමාධි රිදී පදක්කම් හිමි ගත් අතර යගුලිය දැමීමේ ඉසව්වෙ ලෝකඩ පදක්කම ජයවි අල්විස් හිමිකරග ගත්තේය

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමි කරගැනීමට සමත් විය.

සිව්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් චෙන්නායි හී දී පැවැත්වේ.