සා/පෙළ ප්‍රතිඵල කඩිනමින් - විභාග දෙපාර්තමේන්තුව

සා/පෙළ ප්‍රතිඵල කඩිනමින් - විභාග දෙපාර්තමේන්තුව

by Staff writer 10-09-2024 | 3:09 PM

COLOMBO (News 1st) - 2023 (2024) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ප්‍රතිඵල නිකුත් කිරීමේ අවසන් අදියරේ කටයුතු මේ දිනවල සිදුවන බවයි.

මෙවර පාසල් අයැදුම්කරුවන් 387,648 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් විය.

විභාගයට ඉදිරිපත් වූ පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාවන 65,331 කි.