ඉන්දීය වෛද්‍යවරුන් තවදුරටත් වර්ජනයේ..

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකමින් ඉන්දීය වෛද්‍යවරුන් තවදුරටත් වැඩවර්ජනයේ..

by Staff writer 10-09-2024 | 4:53 PM

COLOMBO (News 1st) - අද (10) සවස 5.00 වන විට ඉන්දීය වෛද්‍යවරුන් යළි සේවයට වාර්තා කළ යුතු බව, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේය.

කෙසේ නමුත් වැඩවර්ජනයේ නිරත බටහිර බෙන්ගාල් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පවසන්නේ තම ඉල්ලීම් ඉටු වන තුරු අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

අගෝස්තු 09 වැනිදා කොල්කටා නගරයේ රජයේ රෝහලක රාත්‍රී වැඩ මුරයේ සේවය කළ වෛද්‍යවරියක්, දූෂණය කර ඝාතනය කිරීමේ අමානුෂික සිදුවීමට එරෙහිව වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.

ඇගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සහ වෛද්‍යවරුන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලමින් පසුගිය මාසයක කාලයක් පුරා මෙම විරෝධතා සහ වැඩවර්ජන පැවැත්විය.