'ජේම්ස් අර්ල් ජෝන්ස්' දිවි ගමනට සමුදෙයි..

ලෝක ප්‍රසිද්ධ හඬ නළු 'ජේම්ස් අර්ල් ජෝන්ස්' දිවි ගමනට සමුදෙයි..

by Staff writer 10-09-2024 | 2:14 PM

COLOMBO (News 1st);

ප්‍රවීණ හා සම්මානනීය හඬ නළුවෙක් වන 'ජේම්ස් අර්ල් ජෝන්ස්'  සිය දිවි ගමනට සමු දී තිබේ.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 93 කි.  

Field of Dreams, Coming To America, Conan the Barbarian , The Lion King  ඇතුළු චිත්‍රපට ගණනාවකට ජේම්ස් සිය රංගන   දායකත්වය ලබා දී තිබේ.

ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව වඩාත් ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් (Star Wars) චිත්‍රපට මාලාවේ Darth Vader ට සිය හඬ දායකත්වය ලබා දීමෙන් ය.

සම්මාන රැසක් දිනාගත් ජේම්ස් අර්ල් ජෝන්ස්, 2011 දී, කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.

ජේම්ස් උපත ලැබීමෙන් පසුව බොහෝ කාලයක් ඔහුට කතා කිරීමට නොහැකි වී තිබේ.  

පසුව පැකිලීමක් සමග කතා බහ කිරීමේදී ඔහු තම සුප්‍රසිද්ධ කටහඬ වර්ධනය කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.