තේරීම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද මැතිවරණ කොමිසමට..

by Staff writer 10-09-2024 | 8:28 AM

COLOMBO ( News 1st ) - දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් අද (10) පෙරවරුවේ මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

ඊට අමතරව දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් ද අද පෙරවරු 9.30 ට කොමිසමට කැඳවා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සදහන් කළේ ය.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ අද දිනයේ ඔවුන් සමග සාකච්ඡා කරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර, දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග ඊයේ (10) සාකච්ඡාවක් පැවැත්වූ බව මැතිවරණ කොමිසම පවසයි.

මැතිවරණයේ නීතිමය තත්ත්වයන් පිළිබඳ එහිදී පැහැදිලි කළ බව සභාපතිවරයා සඳහන් කළේ ය.

නියෝජිතයින් පත් කිරිම්, ජන්ද දිනයේදි කටයුතු කළ යුතු ආකාරය, ජන්ද ගණන් කිරිමේ ක්‍රමය, සම්බන්ධයෙන් එම නියෝජිතයින්ට උපදෙස් දුන් බව රත්නායක ‍මහතා සඳහන් කළේ ය.

ඊට අමතරව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සමග ද ඊයේ පස්වරුවේ මැතිවරණ කොමිසම සාකච්ඡා කර තිබේ.

මේ වනවිට සමස්තයක් ලෙස ගත් කළ මැතිවරණය සාධාරණව ක්‍රියාත්මක බව නිරීක්ෂකයින් ප්‍රකාශ කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේ ය.