සජිත් සහ නාමල් ජනපති අපේක්ෂක විවාදයට ඇවිත් නෑ

සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ ජනපති අපේක්ෂක විවාදයට ඇවිත් නෑ

by Staff writer 08-09-2024 | 9:04 AM

COLOMBO (News 1st) - මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ දෙවැනි අදියර අද (08) පැවැත්වේ.

ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

පළමු දිනය වූ ඊයේ (07)විවාදය සඳහා සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර සහ පී. අරියනේත්‍රන් යන අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතව තිබුණි.

නමුත්, ඒ සඳහා පැමිණ සිටියේ දිලිත් ජයවීර සහ පී. අරියනේන්ත්‍රන් යන මහත්වරුන් පමණයි.

සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගි වූයේ නැත.

මේ අතර විවාදයට අද(08) සහභාගී වීමට නියමිත අපේක්ෂකයින් සංඛ්‍යාව, 5 ක්.

ඒ අනුව, විජයදාස රාජපක්ෂ,නුවන් බෝපගේ,සරත් මනමේන්ද්‍ර,අනෝජ් ද සිල්වා සහ ඕෂල හේරත් යන මහත්වරුන් සහභාගි වීමට නියමිතයි.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 සිට 5.00 දක්වා විවාදය පැවැත්වෙන බවයි.