ඡන්ද පත්‍රිකාවේ Photo ගත් ප්‍රින්සිපල් කොටු

තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවේ Photo ගත්තු විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට..

by Staff writer 08-09-2024 | 9:26 PM

COLOMBO ( news 1st ) - තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාව, ඡායාරූප ගතකළ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මුලතිව් ප්‍රදේශයේදී ය.

පසුගිය 6 වැනිදා මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඔහු ඡන්දය සලකුණු කර, එය ඡායාරූප ගතකර තිබුණි.

එය දුටු ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණ නිලධාරියෙකු කළ පැමිණිල්ලකට අනුව ඊයේ (07) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා, එම ඡන්ද මධ්‍යස්ථානයේම, සහකාර තේරීම් භාර නිලධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකි.

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරු, පොලිස් ඇප මත මුදා හැර තිබේ.