කෙන්යාවේ ගින්නකින් සිසුන් 70ක් අතුරුදන්..

කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයක ගින්නකින් සිසුන් 70ක් අතුරුදන්..

by Staff writer 07-09-2024 | 8:21 AM

COLOMBO (News1st) - කෙන්යාවේ ප්‍රාථමික පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකට හසුවූ සිසුන් 70 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සිසුන් 17 දෙනෙකු ගින්නෙන් මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

9 , 12 සහ 13  වයස්වල පසුවන පිරිමි ළමුන් එම නේවාසිකාගාරයේ සිට තිබේ.

පෙරේදා රාත්‍රියේ ප්‍රාථමික පාසල් නේවාසිකාගාරයේ හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.