සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා ගැන දැනුම්දීමක්..

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතට..

by Chathurika Jayasundara 06-09-2024 | 3:42 PM

COLOMBO (News 1st) - සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්, යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වෙත රැගෙන යාම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා  සඳහන් කළේ, විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව ඔහු  වැඩිදුරටත් සඳහන් කළේය.

රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේ, ලබන (08)වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.