රේගු ඉතිහාසය අලුත් කළ වාර්තාගත ආදායම මෙන්න..

රේගු ඉතිහාසය අලුත් කළ වාර්තාගත ආදායම මෙන්න..

by Staff writer 06-09-2024 | 10:41 PM

COLOMBO ( News1st ) - 2024 වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ට්‍රිලියනයක ආදායමක් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ඒ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉලක්ක කර ඇති රුපියල් ට්‍රිලියන 1.5ක ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවයි.

රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට අවස්ථාව ලබාදීම මෙම ජයග්‍රහණයට හේතුව බවයි.

ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබෙන බව එහි දැක්වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ අනුව 2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1534කි.