මියන්මාරසන්නද්ධ ග්‍රහණයේ සිටි ලාංකිකයින්20ක් මෙරටට

මියන්මාරයේදී බේරාගත් පරිගණක අපරාධ සඳහා යොදවා සිටි තවත් ලාංකිකයින් 20ක් දිවයිනට

by Staff writer 06-09-2024 | 9:35 AM

COLOMBO (News 1st) –මියන්මාරයේ ත්‍රස්ත පාලන ප්‍රදේශයක චීන පාතාල කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගත් ශ්‍රී ලාංකිකයින් 20 දෙනා ඊයේ (05) රාත්‍රීයේ දිවයිනට පැමිණියා.

මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදා ගැනුණු අතර තායිලන්තයේ බැංකොක්හි සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ අයි.ඕ.එම් හෙවත් සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහය යටතේයි.

මියන්මාර  තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ තියන ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50 කට වැඩි පිරිසක් බලෙන් රඳවාගෙන ඉන්න බව,  නිව්ස්ෆස්ට් වසරකට ආසන්න කාලයක සිට වාර්තා කරමින් සිටිනවා.

පරිගණක රැකියා දෙනවා කියල මෙයාලව මියන්මාරයට අරන් ගිහින් විවිධ පරිගණක අපරාධවලට යොදවා තිබුණා.

ඒ අපරාධ ඉලක්ක සම්පුර්ණ කරගන්න එක ලෙහෙසි පහසු නෑ.
ඉතාම ආමාර් වැඩක්.

දිනපතා දෙන ඉලක්කය සම්පුර්ණ කරගන්න බැරි වෙන අපේ තරුණ තරුණියන්ට චීන අපරාධකරුවො කරන්ට් එක අල්ලනවා.

දරුණු ලෙස පහර දෙනවා.

චීන අපරාධකරුවො, ඒ වගේ වද හිංසා, පුරුද්දක් විදිහට කරගෙන ගියා.

පහුගිය අවුරුද්ද පුරාවටත්,අද දක්වාත් ,මේ ළමයින්ගේ අම්මලා තාත්තලා,අයි,ඕ එම් එක වගේම මියන්මාර තායිලන්ත තානාපති කාර්යාල, විදේශ කටයුතු අමාත්‍යංශය, ඇතුළු විශාල පිරිසක් කණ්ඩායමක් විදිහට තවමත් ඉන්නේ ලොකු සටනක.

ඊයේ ලංකාවට ආව 20 දෙනා වගේම ඊට ඉස්සල්ලා ලංකාවට ආව අට දෙනා මුදාගන්න ලැබුනේ මේ ඔක්කොම එකතු වෙලා ඒ වෙනුවෙන් වැඩකරපු නිසා.

විශේෂයෙන්ම මේ ළමයින්ගේ අම්මලා තාත්තලා අව්ව වැස්ස බලන්නේ නැතුව පාරවල් ගානේ රස්තියාදු වෙවි මේ ළමයින්ව බේරගන්න නොනවත්වා සටන් කළා.

සීමාසහිත කැපිටල් මහරාජා සමූහය සහ ගම්මැද්දේ නායකත්වයෙන් ආසියා පැසිෆික් කලාපීය රටවල අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සහ කලාපීය ව්‍යාපාර නායකයින් සහභාගී වූ  බාලි ක්‍රියාවලියේ ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වුනේ මේ සටන තවත් දිරිගන්වමින්.
බාලි ක්‍රියාවලියේ 2024 වසරේ රාජ්‍ය හා ව්‍යාපාරික සමුලුවට සහභාගි වුණු රාජ්‍ය තාන්ත්‍රිකයින් වගේම රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් හා මියන්මාරයේ සිරව සිටින අයගේ පවුල්වල සාමාජිකයින් අතර හමුවකුත්  මීට මාස කිහිපයකට ඉස්සල්ලා ගාල්ලේදී පැවැත්වුවා.

අයි.ඕ.එම් ඇතුළු සංවිධානවලින් එදා මවුපියො ඉල්ලුවේ කොහොම හරි දරුවෝ ටික බේරලා දෙන්න කියලා.

මීට කලින් ලංකාවට ආපු 8 දෙනාත්,  ඊයේ ආපු 20 දෙනාත් බේරාගන්නට අයි.ඕ.එම් එක,  ඒ කියන්නේ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විශේෂ වැඩ කොටසක් 
ඉටු කළා.