පොහොට්ටුවෙන් ඇල්පිටිය ප්‍රා. සභා ඡන්දයට ඇප..

පොහොට්ටුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඇප මුදල් තැන්පත් කෙරේ..

by Staff writer 06-09-2024 | 2:43 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අද (06) ඇප මුදල් තැන්පත් කළේය.ඒ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි.2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාර ගැනීම පසුගිය 26 වැනිදා ආරම්භ කෙරිණි.ලබන 09 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නාමයෝජනා කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.