ධීවරයින්ට දැනුම්දීමක්..

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්..

by Staff writer 06-09-2024 | 3:28 PM

COLOMBO (News1st)-ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝ මීටර් 60 ත් 65 ත් දක්වා ඉහළ යාම හේතුවෙන්.

තද සුළං හා රළු මුහුද පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තකමේන්තුව පවසන්නේ මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝ මීටර් 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

එම මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැකි බවද කාලගුණ  නිවේදනයේ සඳහන්.

මේ පිළිබඳ ධීවර හා නාවික ප්‍රජාව අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.