14 හැවිරිදි සිසුවෙක් කළ වෙඩි තැබීමකින් 4ක් මරුට

ජෝර්ජියාවේ 14 හැවිරිදි සිසුවෙක් කළ වෙඩි තැබීමකින් ගුරුවරුන් දෙදෙනෙක් ඇතුළු 4ක් මරුට

by Staff writer 05-09-2024 | 1:39 PM

COLOMBO ( News 1st ) - ජෝර්ජියාවේ උසස් පාසලක 14 හැවිරිදි සිසුවෙක් විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ එම පාසලේම 14 හැවිරිදි සිසුන් දෙදෙනෙක් සහ ගුරුවරුන් දෙදෙනෙකි.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන් ය.

කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.